රට තුලට සංචාරකයින් ගෙන්වන සමාගම් වලට රජයෙන් දුන් සහනය

June 2, 2020 at 3:24 PM

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ ඒ සදහා කැබිනට් අනුමැතිය ද හිමි වූ බවයි.

අමාත්‍යවරයා පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිම සදහා ක්‍ෂේත‍්‍රයේ නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් පියවර ගනිමින් සිටින බවයි. ලබාදුන් වැට් බදු සහනය ඉන් එක් පියවරක් බවයි ඇමතිවරයා කියා සිටියේ.

මෙරටට සංචාරකයන් රැගෙන ඒම සදහා කටයුතු කරන සංචාරක නියෝජිතයන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබෙනවා.