ජන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

June 2, 2020 at 8:15 PM

මහ මැතිවරණයට අදාලව ජන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ ප්‍රකාශ කර සිටියා.

ජන්ද දායකයින් එක් කෝටි හැටනම ලක්ෂයක් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සඳහා සිටින බවට මැතිවරණ කොමිසම විසින් දැනුම් දී ඇති බැවින් එම මුද්‍රණ කටයුතු ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ බවයි මුද්‍රණලාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කලේ.

මෙවර ජන්ද පත්‍රිකාව සමග ජන්ද දායකයින් වෙත කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජන්දය ප්‍රකාශ කිරිමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය ඇතුලත් විශේෂ උපදෙස් පත්‍රිකාවක් ද මුද්‍රණය කිරිමට නියමිත බවයි ඇය වැඩිදුරටත් සඳහන් කලේ.