ඇඳිරි නීතිය නිසා ජුනි 04 රජයේ නිවාඩු දිනයක් කරයි

June 2, 2020 at 7:53 PM

ජුනි 04 වෙනිදා දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නිතිය පනවා ඇති බැවින් එදින රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජුනි මස 04 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.