මැතිවරණ කොමිසම නිකුත් කළ විශේෂ නිවේදනය

June 1, 2020 at 3:55 PM

2021 වර්ෂය සඳහා පාසල්වලට ළමුන් ඇතුලත් කිරිමට අවශ්‍ය ජන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යාමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

අයදුම්පත සම්පුර්ණ කිරිමට අවශ්‍ය ආසන්න වර්ෂ 05 ක ජන්දහිමි නාමලේඛනයේ තොරතුරු ලියාපදිංචි වී ඇති ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගෙන් හා මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස සිය හැඳුනුම්පත් අංකය සඳහන් කිරිමෙන් එම තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

පාසල්වලට ළමුන් ඇතුලත් කිරිමේ අයදුම්පත්‍ර සම්පුර්ණ කිරිම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාල මගින් ජන්දහිමි නිකුත් නොකරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.