බොරු සාක්ෂි දුන් වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්න – නීතිපති

June 1, 2020 at 4:22 PM

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් රාජගිරිය ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාෂයට නියෝග කර සිටිනවා.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස එවකට කටයුතු කර ඇත්තේ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ.