දකුණු ආසියාවේ අඩුම මිලට ඉන්ධන දෙන රට

June 1, 2020 at 10:31 AM
‪ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත දකුණු ආසියාවේ රටවල් වලින් අවම මිලකට ඉන්ධන ලබා දෙනු ලබන රට ලෙස පාකිස්ථානය පත්ව තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේදී එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් සිදුකළ මිල සංශෝධනයක් අනුවයි.‬
‪අද (01) සිට ක්‍රියාත්මක මිල සංශෝධනය අනුව පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 7.06 කින්, භූමිතෙල් ලීටරයක් රු.11.8 කින් ද පහත දමා තිබෙනවා.‬
‪මිල අඩු කිරිම සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේ දකුණු ආසියාවේ අඩුම මිලකට ඉන්ධන ලබා දෙන රට බවට පාකිස්ථානය පත්ව ඇති බවයි.‬