ජනපති ට්‍රම්ප් බංකරයකට : අමෙරිකාව එකම යුධ පිටියක් වෙයි

June 1, 2020 at 10:07 AM

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය සමග ඇතිව තිබෙන විරෝධතාවයන් හේතුවෙන් අමෙරිකාවේ නගර රැසක අද 06 වන දිනයටත් විරෝධතා පැවැත්වෙනවා.

මේ අතර ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්‍ෂිත පියවරක් ලෙස භූගත බංකරයට රැගෙන යාමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

උද්ඝෝෂකයින් විසින් ධවල මන්දිරයේ ආරක්ෂක කුටි කිහිපයකට ද ප්‍රහාර එල්ල කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර වොෂින්ටන් හි පිහිටි සුප්‍රකට සාන්ත ජෝන් දේවස්ථානයේ බිම් මහලේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම දේවස්ථානය ධවල මන්දිරය ආසන්නයේ පිහිටා තිබෙනවා.

මෙම දේවස්ථානයේ දේව මෙහෙයන්ට අමෙරිකාවේ ජනාධිපතිවරුන් සහභාගී වන නිසා එයට “ජනාධිපතිවරුන් ගේ දේවස්ථානය” යනුවෙන් හඳුන්වනු ලබනවා.

වොෂින්ටන් ගිනි නිවීම් ඒකකය සඳහන් කර සිටියේ දේවස්ථානයේ ඇතිව තිබෙන ගින්න මැඩ පැවැත්වීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි.