ආර්මේනියා අගමැති ඇතුළු පවුලටම කොරෝනා

June 1, 2020 at 12:49 PM

ආර්මේනියා අගමැති Nikol Pashinyan හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. අගමැතිවරයා මේ බව තහවුරු කර සිටියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී වීඩියෝ සාකච්ජාවකට එක් වෙමින් බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ.

” මට කිසිම රෝග ලක්ෂණයක්‌ පෙන්නුම් කලේ නැහැ. නමුත් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මා නිගමනය කළා. ඒ පරීක්ෂණයේ ප්‍රථිපල අනුව මට සහ මගේ පවුලේ සියලු දෙනාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරැ වුණා” ආර්මේනියා අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.