තොණ්ඩමන් පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට දුරකථනයෙන් බලපෑම් කරලා : මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

May 31, 2020 at 1:42 PM

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

සියලු සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයාගේ මරණය සිදුවූ දින සිටම එම පිරිස වගකීම් විරහිතව ක්‍රියා කරන බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව රටපුරාම සමස්ත ජනතාව පෙල ගැසිය යුතු බවද ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

මිලඟ කොරෝනා රැල්ලට මෙය හේතුවක් විය හැකි බවද බෝවන රෝග පිලිබඳව අධ්‍යයනය කරන, රාජකාරි ඉටුකරන නිසි නිලධාරින් කණ්ඩායමක් ලෙස තමන් අනතුරු අඟවා සිටින බවයි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.