රටවල් දෙකක සිටි ලාංකිකයින් 300ක් දිවයිනට

May 30, 2020 at 9:28 AM

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානය අද දින අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගත් යූ.එල්.- 605 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම ගුවන් මගීන් සියලු දෙනාම විෂබිජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.