මාලිගාවත්තේ වෙඩි තැබීමක්

May 30, 2020 at 5:58 PM

කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති පුද්ගලයා 35 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ.