ගෆුර් ගොඩනැගිල්ලේ සිටින නාවික සෙබළුන් 220 දෙනාගේ PCR පරීක්ෂණ නිකුත් වෙයි

May 30, 2020 at 5:13 PM

කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

එම නාවික සෙබළුන් 220 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල අනුව ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වූ නොමැති බවට තහවුරු වී ඇති බවයි නාවික් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

එම ගොඩනැගිලලේ සිටි නාවික හමුදා සෙබළෙක් නව කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමත් සමග එම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් හුදෙකලා කොට එහි සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණයන් වෙත යොමු කිරිමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී මෙම නාවික හමුදා සාමාජිකයින් හට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට තහවුරු වී තිබෙනවා.