කොරෝනා රෝගීන් 794ක් රෝහල් වල

May 30, 2020 at 6:57 AM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1558ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ඊයේ (29)  දිනයේදී රෝගීන් 28 දෙනෙකු වාර්තා වූ බවයි.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 17 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු 11 දෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකොට සිට සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 754ක් වන අතර මේ වන විට රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්‍යාව 794ක් වනවා.