කොරෝනා රෝගීන් ගේ රුධිර සාම්පල් වඳුරන් පැහැර ගනියි

May 30, 2020 at 12:19 AM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගෙන් ලබා ගත් රුධිර සාම්පල් වඳුරන් විසින් පැහැරගෙන යාමේ පුවතක් ඉන්දියාවේ ලක්නව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඉන්දීය රජය විසින් පවත්වාගෙන යනු ලබන විශ්ව විද්‍යාලයක පිහිටි විද්‍යාගාරයක සේවය කරනු ලබන තාක්ෂණවේදියෙකු විසින් එම රුධිර සාම්පල් රැගෙන යමින් සිටියදී මෙලෙස වඳුරන් රංචුවක් පැන ඔහු අත තිබු රුධිර සාම්පල් පැහැර ගෙන ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

එම විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍යවරයෙකු වන S. K. Garg ප්‍රකාශ කර සිටියේ එලෙස පැහැරගෙන ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව්දෙනෙකුගේ රුධිර සාම්පල් බවයි. පසුව ඔවුන්ට එම රෝගීන් ගෙන් රුධිර සාම්පල් යලි ලබා ගැනීමට සිදුවු බවට ඔහු ප්‍රකාශ කර සිටියා.

එලෙස වඳුරන් විසින් පැහැරගෙන ගිය රුධිර සාම්පල් වල ඇති රුධිරය ඔවුන් විසින් භාහිර පරිසරයට විසුරුවා ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිසැකව ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවයි. එමෙන්ම එම වඳුරන් වෛරසයට නිරාවරණය වුවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු කර ගෙන නොමැත.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ලක්නව් උතුරු ප්‍රදේශයේ පිහිටි මිරූට් ප්‍රදේශයේ ජනතාව තමන්ද කොරෝනා වෛරසයට නිරාවරණය වනු ඇති බවට දැඩි බියකින් සහ තැති ගැන්මකින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.