කටුනායක ගුවන් තොටුපොළේ සේවය කළ හමුදා නිලධාරියෙක්ට කොරෝනා

May 30, 2020 at 7:58 PM

යුධ හමුදා නිලධාරියෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග හොරණ නගරයේ වෙළදසැල් 04ක සේවය කරනු ලබන සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (30) පියවර ගනු ලැබුවා.

කටුනායක ගුවන් තොටුපොළේ රාජකාරි සඳහා අනියුක්ත කර සිටි මෙම යුධ හමුදා නිලධාරියා හට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මේ වන විට IDH රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ පවුලේ සාමාජිකයින්ද මේ වන විට නිරෝධායනයට යොමු කොට තිබෙනවා.

මෙම හමුදා නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුගිය 26 වෙනිදා අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සිදුකර ගැනීම සඳහා හොරණ නගරයේ වෙළදසැල් 04 කට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. යුධ හමුදා නිලධාරියා එම වෙළදසැල් වෙත යාමේදී පුර්ණ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි හොරණ සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ශානක මල්ලිකාරච්චි ප්‍රකාශ කර සිටියේ.