පිලිපීන ජාතිකයින් රැගෙන යාමට නෞකා දෙකක් කොළඹ වරායට (PHOTOS)

May 29, 2020 at 6:18 PM

පිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (29) උදෑසන කොළඹ වරායට ‍සේන්දු වූ බව නාවික හමුදාව ප්‍රකාශ කර සිටිනවා. රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳහා නාවික හමුදාව සහාය ලබා දී තිබෙනවා.

අදාල නෞකාවන් සඳහා අවශ්‍ය සැපයුම් අවශ්‍යතාවයන්ද කොළඹ වරායෙන් ලබා ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

පවතින වසංගත තත්වය මත එම නෞකාවන්හි කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා නොගැනීමට කටයුතු කරන ලද අතර මෙරට සිටින පිලිපීන ජාතිකයින්ද අදාල නෞකාවන් වෙත ගොඩනැංවීමට ප්‍රථම ඔවුන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටද මෙහිදී කටයුතු කරන ලදි.

මෙම නෞකාවන් හෙට දිනයේදී කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතව ඇත.