කුවේට් රජයට අපහාස කළ “ලාංකික කත” අත්අඩංගුවට

May 29, 2020 at 10:49 AM

කොරෝනා ව්‍යවසනය පාලනය කිරිමට කුවේට් රජය සහ එහි එමීර්වරයා විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නොවන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කළ ශ්‍රී ලාංකික කාන්තාවක් එරට බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මිට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් මෙම චෝදනාව සිදුකර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික කාන්තාවට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.