වරිපනම් බදු ඉහළ දැමීමට වසර 02 කට තහනම් කෙරේ

May 28, 2020 at 12:13 PM

පළාත් පාලන ආයතන මඟින් අය කරන වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

කොරෝනා වසංගතය සමග පිඩාවට පත්ව සිටින සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහනයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී ප්‍රකාශ කර සිටියේ.