මුල්‍ය සමාගම් කිහිපයක තැන්පතුකරුවන්ට සහන දෙන්න රජයේ අවධානය

May 28, 2020 at 10:15 AM

එදිරිසිංහ මුල්‍ය සමාගම ඇතුළු මුල්‍ය සමාගම් කිහිපයක මුදල් තැන්පත් කොට ගැටළුවලට මුහුණදී සිටින තැන්පතුකරුවන්ට සහන සැලසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

මෙම තැන්පතුකරුවන්ට සහනයක් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට අදාළ මුල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් විසින් අදාළ ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බැවින් ඊට සහන සැලසීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවට මහ බැංකුව සිය වාර්තාව මගින් දන්වා තිබෙනවා.

කෙසේ වුවත් වත්මන් තත්ත්වය සලකා බලා මෙම තැන්පතුකරුවන්ට සහන සැලසීම සඳහා ඉදිරි සතියේ දී ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා කිරිමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.