පිටකොටුවේ ගොඩනැගිල්ලක සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙක්ට කොරෝනා

May 28, 2020 at 8:56 AM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලෙන් ඊයේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරැ වී ඇත්තේ නාවික හමුදා සෙබළෙකුට බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා වාර්තා වීමත් සමගම එම ගොඩනැගිල්ල තුල රඳවා සිටින 200 කට ආසන්න නාවික හමුදා සාමාජිකයින් එහිදීම නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.