නවතම ඇඳිරි නිතී නිවේදනය මෙන්න

May 28, 2020 at 12:33 PM

මැයි 31 වන ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ නවතම නිවේදනයට අනුව ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල  ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

ජූනි 04 වෙනිදා සහ සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.