කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහලට

May 28, 2020 at 6:10 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1486 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සහ විදෙස් රටාව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් 15 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

මේ වන විට නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 729ක් වනවා. එමෙන්ම විදේශීය රටවල සිට පැමිණ ආසාදිතයින් බවට තහවුරු වූ රෝගීන් ගණන 445ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

අද වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 745 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 716ක් වනවා.