CSN නාළිකාව නැවතත්

May 27, 2020 at 12:07 AM
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් CSN විකාශන අයිතිය අත් හිටුවමින් එවකට  ජනමාධය අමාත්‍යාංශයේ ලේඛම්වරයා ගත් තීරණය ඉවත් කර ගැනිමට තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ අද අභියාචනාධිකරණයේ දී එකගත්වය පල කළා.
ඒ අනුව තම විකාශන අයිතිය අත් හිටුවීමට ගත් තීරණය   අභියෝගයට ලක් කරමින් CSN පුද්ගලික සමාගම ගොනු කළ රිට් පෙත්සම සියලු පාර්ශ්වයන්ගේ එකගතාවය මත සමථයකට පත් වන ලදී.
මේ අතර සි.එස්.එන් රූපවාහිනී නාලිකාවෙ විකාශන වලට අදාළ සංඛ්‍යාත පෙර තිබූ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අභියාචනාධිකරණයේ දී එකගත්වය පල කරන ලදී.
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනය විසින් ගොනු කළ
මෙම පෙත්සමින්  ජනාමාධය අමාත්‍යාංශයේ ලේඛම්වරයා ඇතුලු පාර්ශව හතරක් වග උත්තරකරුවන් ලෙසට නම් කොට ඇත.