සරසවි අයදුම්පත් භාර ගැනීම ජුනී 02 වෙනිදා අවසන්

May 27, 2020 at 3:30 PM

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් 2019 / 2020 අධ්‍යාපන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය (Online) මගින් අයදුම්පත් කැඳවීම ජුනි මස 02 දින අවසන් කරන බව නිවේදනය කර තිබෙනවා.

රටෙහි පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2019/2020 අධ්‍යාපන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය මර්තු 26 වන දා සිට අප්‍රේල් 9 වනදා තෙක් දීර්ඝ කිරීමටත් නැවතත් එය පාසල් යළි ආරම්භ කර සති දෙකක් යනතෙක් ලෙස වැඩි දුරටත් දීර්ඝ කිරීමටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මීට පෙර සිදු විය.

නමුත් රටෙහි පවතින තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින හෙයින් අයදුම් පත් කැඳවීම ජුනි මස 2 වනදායින් අවසන් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.