ලාංකිකයින් 160 දෙනෙක් කොරියාවේ රැකියාවන් සඳහා පිටත්ව යයි

May 27, 2020 at 1:44 AM

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව අත්හිටුවා තිබු මෙරටින් විදේශ රැකියා සදහා පිටත්වීම නැවතආරම්භ කරමින් කොරියා රැකියා ලාභින් 160 දෙනෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළින් කොරියාවේ, සෝල් නුවර බලා ඊයේ රාත්‍රියේ පිටත්ව ගියා.

මෙම පිරිස මියන්මාර් ගුවන් සේවයට අයත් MAI  8M801 දරන ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව ගිය අතර මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගිය පළමු ගුවන්යානයද මෙය වනවා.

මෙසේ පිටත්ව ගිය පිරිස කොරියාවේ රැකියාවන්හි නිරතව සිට නිවාඩු ලබා පසුගිය මාර්තු මස 10 වනදාට පෙර ශ්‍රීලංකාවට පැමිණි පිරිසක් වන අතර එමෙන්ම කොරියාවට ගිය පසු එහි දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට සහතිකයක් එරටින් ලබා ගත් ශ්‍රමිකයින්ට පමණක් කොරියාවට ඇතුළු වීමට අවසරය හිමිවනවා.