යාපනයේ සුළු පිපිරිමක් : පොලිස් නිලධාරියෙකුට තුවාල

May 27, 2020 at 1:00 PM

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

අද (27) උදෑසන 7.10ට පමණ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිපිරිමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.