තවත් නාවික හමුදා සාමාජිකයින් 51කට කොරෝනා

May 27, 2020 at 7:33 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 51ක් දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1370 දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස වාර්තා වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා. ඔවුන් සියලු දෙනා යාපනය වඩිච්චිපාලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නිලධාරින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.