කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1400 ඉක්මවයි

May 27, 2020 at 8:49 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 53 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1425ක් වනවා.

මෙම ආසාදිතයින් 53 දෙනා කුවේටයේ සිට පැමිණි පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කලේ.

අද දිනයේ රාත්‍රී 8.00 වන විට ආසාදිතයින් 105 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඉන් 52 දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වනවා.

මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 732ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 683ක් වනවා.