පෞද්ගලික පාසැල් ගාස්තු වලට සහනයක් දෙන්න : ඇමති විමල් ගෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්

May 26, 2020 at 4:18 PM

පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා ඇති බවත් එම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දීමට මැදිහත් වන ලෙස අමාත්‍ය විමල් විරවංශ විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.

සමස්ත ලෝකවාසීන්ට මෙන්ම මෙරට ජනතාවට ද ආර්ථික දුෂ්කරතා මෙන්ම වෙනත් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදුව ඇති මෙවැනි ගෝලීය වසංගත සමයක මෙරට පෞද්ගලික පාසල් බලධාරීන් ගෙන ඇති ඉහත තීරණයෙන් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් බලවත් අපහසුතාවකට පත්ව ඇති බව නොරහසක් බවයි අමාත්‍ය විමල් විරවංශ විසින් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

මෙරට අධ්‍යාපනය හා බැඳී ඇති මෙම ප්‍රශ්නයට මැදිහත්ව සාධාරණ පිළියමක් යෙදීමට කටයුතු කරන ලෙස තමන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවට එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.