කොළඹ සහ ගම්පහ නිරෝධායන නීති කැඩූ 373කට නඩු

May 26, 2020 at 6:18 PM

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි පැවති ඇදිරිනීතිය ඉවත් කර දෛනික කටයුතු සාමාන්‍ය පරිදි අද දින සිට ආරම්භ කිරීමට සමගාමීව නිරෝධායන නීතීන් කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 373 කට නඩු පවරා තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 114 ක පොලිස් නිලධාරීන් කුඩා කන්ඩායම් වශයෙන් යොදවා සිදුකල පරික්ෂාවන් අනුව මෙම මෙහෙයුම සිදුකරනු ලැබුවා.

මුඛ ආවරණ භාවිතා නොකිරීම පිලිබද නඩු 327 ක් ද සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම පිලිබද නඩු 46 ක් ද වශයෙන් මුළු නඩු 373 ලබාගෙන ඇති අතර එම පුද්ගලයින්ට නිරෝධායන නීතීන් උල්ලංඝණය කිරීම යටතේ ඉදිරියේ දී අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතව ඇත.