කොරෝනා රෝගීන් 96ක් වාර්තා වෙයි : 88 දෙනෙකු කුවේට් සිට පැමිණි අයයි

May 26, 2020 at 7:13 PM

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද (27) දිනයේ පස්වරු 6.45 වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 96 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙරටින් දිනක් තුල වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි. මිට පෙර අප්‍රේල් මස 27 වෙනිදා කොරෝනා අසාදිත රෝගීන් 65 දෙනෙකු වාර්තා වුවා.

මෙලෙස වාර්තා වූ රෝගීන් 96 දෙනා ගෙන් 88 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 712ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 556ක් වනවා.