කොරෝනා ආසාදිතයින් රැගත් ගිලන් රථ 04ක් හෝමාගමදී අනතුරකට ලක්වේ

May 26, 2020 at 5:19 PM

මින්නේරිය යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය කොරෝනා ආසාදිත රෝගීන් රැගත් ගිලන්රථ 04ක් හෝමාගම, කැන්ඳලන්ද ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කුවේටයේ සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 24 දෙනෙකු රැගත් ගිලන්රථ 07 කින් මෙලෙස හෝමාගම රෝහල වෙත රැගෙන පැමිණ ඇති බවයි.

එහිදී ඉදිරියෙන් ගිය ගිලන්රථය එක් වර තිරිංග ක්‍රියාත්මක කොට ඇති බවත් ඊට පසු පසින් පැමිණි තවත් ගිලන්රථ 03ක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම ගිලන් රථ 04 සිටි කොරෝනා ආසාදිත රෝගීන් අනෙක් ගිලන් රථ 03 උපයෝගී කර ගනිමින් හෝමාගම රෝහල වෙත යැවීමට පොලිසිය සහ අදාළ බලධාරින් අවස්ථානුකුලව කටයුතු කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රජයේ රෝහලකට අයත් ගිලන් රථයක් සහ සුවසැරිය ගිලන් රථ සේවයට අයත් ගිලන් රථ 03ක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් වී නොමැත.