කොරෝනාවෙන් ලොව පළමුවෙනි රටවල් 100 අතරට ශ්‍රී ලංකාවත්

May 26, 2020 at 10:42 AM

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතුරින්.

කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් worldometers වෙබ් අඩවිය විසින් පළකර ඇති නවතම දත්ත අනුව ශ්‍රී ලංකාව මෙලෙස 100 වන ස්ථානයට පත්ව ඇත්තේ හොංකොං රාජ්‍ය, වෙනිසියුලාව, සයිප්‍රස්, ඉතියෝපියාව, මැඩගස්කරය, ජැමෙයිකාව වැනි රටවල් පසු කරමින්.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1182ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. ගතවූ දින දෙක තුලදී පමණක් කොරෝනා ආසාදිතයින් 93ක් වාර්තා වී තිබෙනවා.

එලෙස වාර්තා වූ රෝගීන් 93 දෙනා ගෙන් 90 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.