කළු කොටියෙකු මන්දකට හසුවෙයි (PHOTOS)

May 26, 2020 at 2:17 PM

ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු කළු කොටියෙකු (පැන්තරාස් පාදුස්) අද (26) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලය පවසනවා.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සදහා අටවන ලද මන්දකටයි කළු කොටියා හසු වි ඇත්තේ.

අවුරුදු 08 ක් පමණ වයසැති දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ  යුක්ත මන්දට හසු වි ඇති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බවයි වනජිවි නිලධාරින් කියා සිටියා.

වනජිවි නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වි සිටින කළු කොටියා මුදා ගැනිමට කටයුතු කර ඇති බවයි නල්ලතන්නිය වනජිවි කාර්යයාලය සඳහන් කර සිටියා.

(ජයාරූප / විස්තරය : රංජිත් රාජපක්ෂ)