අවසන් වසරේ වෛද්‍ය සිසුන් ජුනී 15 සරසවි වෙත කැඳවයි

May 26, 2020 at 3:17 PM

අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

එලෙස කැඳවනු ලබන සිසුන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කෙරුණේ.

මෙහිදී නේවාසිකාගාර වෙන් කිරීමේදී එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරයක් බැගින් වෙන් කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත එම ක්‍රියාව සිදුකරන බවයි ඔහු සඳහන් කලේ.

අවසන් වසරේ වෛද්‍ය සිසු සිසුවියන් ගේ විභාග කටයුතු මෙහිදී සිදුකිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

එම කටයුත්ත අවසන් වීමෙන් පසුව අවසන් වසරේ සිසුන් යලි විශ්ව විද්‍යාල වෙත කැඳවීමට කටයුතු කරන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.