අමාත්‍ය තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

May 26, 2020 at 9:14 PM

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා.  අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.

රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 56 හැවිරිදි වියේ පසුවූවා.

මෙරට නව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අද සවස අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් හමුවූ අවස්ථාවේ ජයාරූපයක් පහතින් දැක්වේ.