හෙද සේවයේ අතිකාල දීමනා කපලා : වෘත්තීය ක්‍රියා මාර්ගයකට යෑමට සුදානම් වන ලකුණු

May 25, 2020 at 1:47 PM

හෙද කාර්යමණ්ඩල සදහා ලබා දිය යුතු අතිකාල දීමනා ලබා දීම මේ වන විට රජය මගින් අත්හිටුවා ඇති බවත්, එම ගැටලුවට එළෙඹෙන බදාදා වනවිට පිළිතුරක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළඹෙන බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පවසනවා.

අප්‍රේල් මාසයේ සිට, හෙද කාර්ය මණ්ඩල කාර්ය සදහා අතිකාල ලබා දීම අත්හිටුවා තිබේ.

ඊට අමතරව, හෙද කාර්ය මණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සැපයීමද මේ වන විට අත්හිටුවා ඇති බවයි රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය චෝදනා කර සිටින්නේ.