හෙට සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට අළුයම 4.00 අතර

May 25, 2020 at 1:12 PM

හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී මගී ප්‍රවාහනයේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලිමනින්ම අනුගමනය කළ යුතු බවත් විෂබීජ හරණය, මුඛ ආරවණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව තබා ගැනීම අතිශයයින්ම වැදගත් බවයි මෙහිදී අවධාරණය කර සිටියේ.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව, කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ඒ ඒ ආයතනය සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කොටගෙන තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පවරා ඇත.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම හෙට සිට කොළඹ සහ ගම්පහ දිස්ත්රියක්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.