විදේශ ගතව සිට පැමිණි 50කට කොරෝනා

May 25, 2020 at 8:28 AM

අද (24) දිනයේ රාත්‍රී 11.55 වන විට නව කොරෝනා රෝගීන් 52 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

මේ වන විට නව කොරෝනා කොරෝනා රෝගය ආසාදනය වූ රෝගීන් 1141ක් වාර්තා වී ඇත.

එලෙස වාර්තා වී ඇති රෝගීන් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලුන් දෙදෙනෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියි.

මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 457ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 674ක් වනවා