රට ගෙන යන්න ඉදිරි දින 02ක තුලදී මාර්ගෝපදේශන 50ක්

May 25, 2020 at 12:38 PM

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබු ඇඳිරි නීතිය හෙට (26) සිට රටපුරා ලිහිල් කිරිමත් සමග ජනතාව තම සෞඛ්‍ය පුරුදු සහ සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් දිගටම පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

රටේ විවිධ කටයුතු සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතු අයුරු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන මාර්ගෝපදේශයන් 50ක් ඉදිරි දින 02ක තුලදී අන්තර්ජාලයට නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මෙම මාර්ගෝපදේශනයන්ට අදාලව කටයුතු කිරිම ජනතාව අවනත විම ඉතා වැදගත් බවයි මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.