කොළඹ හෝටල් හා අවන්හල් හෙට සිට විවෘත කිරිමට අවසර

May 25, 2020 at 1:35 PM
සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා හෙට සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි පවසනවා.
සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෙට සිට එම අංශ සඳහා කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
අදාළ ආයතන විසින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට කණ්ඩායම් 6 ක් යොදවන බවද රුවන් විජේමුණි සඳහන් කළා.