මේ දක්වා කොරෝනා රෝගීන් 28ක්

May 24, 2020 at 6:00 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 28 දෙනෙකු අද (24) සවස 5.00 වන විට වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට හෙළිවී ඇත්තේ ඉකුත්දා කුවේටයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවළුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.