අනිද්දා සිට අන්තර් පළාත් බස් ධාවනය වෙන්නේ මෙහෙමයි

May 24, 2020 at 12:43 PM

අනිද්දා (26) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කිරිමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අරමරවිර උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම බස් සේවාවන් ක්‍රියාත්මක වනු ඇත. අද දිනයේදී පැවති සාකච්ජාවේදී පහත සඳහන් තීන්දු තීන්දු තීරණ ගෙන ඇත.

මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකිරිමට මෙහිදී තීරණය කොට ඇත. නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දෙසට පමණයි.

ගාලු පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණක් ධාවනය කෙරෙනු ඇති. අවිස්සාවේල්ල හරහා කොළඹ හයිලෙවෙල් පාර හෝ ලෝ ලෙවල් පාරේ ගමන් කරන බස් රථ අව්ස්සාවෙල්ලෙන් නතර කළ යුතුය.

අනුරාධපුර-පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණක් ධාවනය කෙරේ.

බස් රථ ධාවනය සිදුකෙරෙන්නේ පෙරවරු 4.30 සිට සවස 6.00 දක්වා පමණක් බවයි මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.