හෙට සිට දිවයින පුරා මාර්ග බාධක 900ක්

May 23, 2020 at 1:19 PM

හෙට (24) සහ අනිද්දා(25) මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ එම කාලය අතර දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් අද උදෑසන සිට ගත වූ පැය 24 තුල 541 දෙනෙකු ඇදිරි නීතිය කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 138ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව 18,992කට නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.