චෝදනා නොකර ඉංග්‍රීසි ඉගෙන ගන්න : සජිත් ප්‍රේමදාස පිළිතුරු දෙයි (VIDEO)

May 23, 2020 at 5:07 PM

දිනකට අවම වශයෙන් නව ඉංග්‍රීසි වචන 10 ක් වත් ඉගෙන ගත යුතු බවට තම පියාවන හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ලබාදුන් අවවාදය අදටත් පිළිපැදීම හේතුවෙන් තමන් ඉන් යහපත් ප්‍රථිපලයක් ලබා ගෙන ඇති බව ජාතික සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

“කොවිඩ් 19 : අලුත් ලෝකය- අධ්‍යාපනය : සීමාවෙන් පිට සිතා බැලීම” යනුවෙන් පවත්වනු ලැබූ සජීවී මාර්ගගත සාකච්ජාවකට එක්වෙමින් ජාතික සමගී ජනබල වේගයේ නායකයා මේ බව කියා සිටියා.

පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය සමාජ මාධ්‍ය හරහා සිදුකළ ප්‍රකාශ වල සඳහන්ව ඇති ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට නොහැකි බව චෝදනා එල්ලවුණා.

ජාතික සමගී ජනබල වේගයේ නායකයාගේ සමාජ මාධ්‍ය ජාල මෙහෙයවන්නේ කවුරුන්ද යන්න ගැන මෙහිදී වැඩසටහන මෙහෙය වන පුද්ගලයා විමසීමක් සිදුකළා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන්ගේ සමාජ මාධ්‍ය ජාල මෙහෙයවන්නේ තමන් විසින්ම බවයි.

එමෙන්ම තමාගේ ඉංග්‍රීසි භාවිතය ගැන ප්‍රශ්න කරනවා වෙනුවට එය ඉගෙන ගැනීමට කැමැති පුද්ගලයින්ට ඉංග්‍රීසි ශබ්ද කෝෂයක සහයද ලබා ගෙන තම සමාජ මාධ්‍ය ජාලවල පළකර ඇති සටහන් කියවා එය ඉගෙන ගැනීමට හැකි බව කියා සිටියා.

ශ්‍රී ලංකාව ඉංග්‍රීසි දැනුමෙන් පොහොසත් රටක් වනවා දැකීම සිය අරමුණ බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ.

VIDEO:

http://<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/XRQB92_eBQk” frameborder=”0″ allow=”accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>