කොරෝනා සැදුණු නාවික හමුදාවේ 33ක් ඇතුළුව 40 දෙනෙක් සුවය ලබයි

May 23, 2020 at 1:42 PM

නව කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කොට සිටි පුද්ගලයින් 40 දෙනෙක් අද දිනයේදී සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

එලෙස සුවය ලැබූ පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 399ක්.

මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1068ක් වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.