කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් වාර්තා වේ

May 23, 2020 at 7:02 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1085ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම රෝගීන් 17 දෙනා ගෙන් 15 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු රෝගීන් දෙදෙනා ඩුබායි සිට ඉකුත්දා මෙරටට පැමිණි අයවළුන් වනවා.

මේ අතර නව කොරෝනා ආසාදිත රෝගීන් 40 දෙනෙක් අද දිනයේ සුවය ලබා ඇති අතර සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 660ක් වනවා.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 416ක් වනවා