මැතිවරණයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

May 22, 2020 at 12:38 PM

මහ මැතිවරණයට අදාලව ඉදිරිපත් කොට ඇති පෙත්සම් පදනමක් හෝ නීතිමය වලංගුතාවයක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.