මාලිගාවත්තේ ආධාර බෙදු ව්‍යාපාරිකයා ඇතුළු 06 දෙනා රිමාන්ඩ්

May 22, 2020 at 1:52 AM

මාලිගාවත්ත, ජුම්මා මජිඩ් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසල ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් 06 දෙනා ජූනි 4 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කරනු ලැබුවා.

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුවා. ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයෙකු මෙම ආධාර බෙදාදීම සිදුකර ඇත්තේ ඇඳිරි නීති කාලය තුළදී බවයි පොලිසිය පැවසුවේ.

ආධාර බෙදාදුන් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.