ඉරිදා සහ සඳුදා මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

May 22, 2020 at 10:30 AM

ලබන ඉරිදා (24) සහ සඳුදා (25) මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (23) සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 වෙනි අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි වෙනි 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළකොන්දේසි නොවෙනස්ව පවතී.